Sunday, August 23, 2009
තාත්තේ ඔබ ගැනය
අම්මා යැයි යන්තමට කියනා වයසේ
නැත මා ළඟ එවැනි කෙනෙකු ළඟ සිටියේ
පියා මවක් වුනි මා හට ඒ දිනයේ
වටහා දී මවු සෙනෙහස ඒ ලෙසිනේ
බාලොලියේ මා පසුවුන ඒ සමයේ
මිතුරන් සමඟින් හුන් ඒ සැම වේලේ
අසනා විටක ඔබ ගැන වගතුග අම්මේ
මුව ගොළු වුවද නෙතු පිය අග කඳුළු පිරේ
පියතුම උණුහුමට ගුලි වී හුන් විෙටක
සිතුෙන යළිත් විමසන්නට ඔබ ගැනම
හිස පිරි මැද තුරුළුකරන් මා එවිට
මුනිවත රැකූ බව මතකයි මට තවම
සමනල් වියේ පසු වන විට මා අම්මේ
දැනුනා මට ඔබ නැති පාඩුව නිම්මේ
ඇසුවා පියාගෙන් යළි ඔබ ගැන අම්මේ
නොසිතූ යමක් ඔහු මට කීවා අම්මේ
ගියමුත් කාසි සොයනට නුඔ එතෙරකට
උහුලනු බැරිව අප විඳි ඒ දුක් ගැහැට
සලල පෙමක් අභියස නුඹ රැවටුනිද
පිටුපා යන්න පියතුම පිදු නිමල පෙම
එදින පටන් වගතුග ඔබ ගැන අම්මේ
නොඇසුවෙමි පියතුම සිත බිදෙන ලෙසින්
එනමුදු සසල කරවා ඒ නිසල තෙපුල්
පැවසූයේ ඔබ ගැනමයි සෙනෙහෙ සිතින්
යලි නුඹ ආ විට අප උණුසුම පතමින්
අම්මේ කෝ රූසිරි නුඹ සතුව තිබූ
පිළිසුනු දෙතොලින් නුඹ පෑ සිනහ රැළි
සිතුවම් විය නොමැකෙන ෙලස මා හඳෙහි
Subscribe to:
Post Comments (Atom)

nice try!!!!
ReplyDelete